King Arthur

King Arthur කියන්නෙ ලෝකෙ හැම කෙනෙක්ම වගෙ දන්න ගොඩක් ප්රසිද්ධ රජ කෙනෙක්. වාසනාවකට වගේ BBC ලගෙ Merlin Series එක ලංකාවේ පෙන්නපු නිසා අපෙ අයත් ආතර් රජතුමා ගැන දන්නවා 

Arthurian Legend එක ලෝකෙ තියෙන ප්රසිද්ධම Legend එක. Excalibur, Merlin, Camelot, Knights of The Round Table වගෙ දේවල් නිසා මේ පුරාවෘත්තය ගොඩක් ප්රසිද්ධ වෙලා තියෙනවා…ආතර් ගැන කතා කරද්දි මුලින්ම ඔලුවට එන ප්රශ්නෙ තමා එයා ඇත්තටම හිටියද කියන එක
මොකද Arthurian Legend වල තියෙන සමහර කොටස් සුරංගනා කතන්දර වගේ. ඒ නිසා මුලින්ම ඒක ගැන බලල ඉමු ( King Arthur ඇත්තටම හිටියද නැද්ද කියන එක කියවන්න ඕනෙ නැති අයට පහල කොටස Skip කරල කෙලින්ම Arthur ගෙ Story එකට යන්න පුලුවන්
)


Real or Fiction 

King Arthur ව මුලින්ම Mention වෙන්නෙ Gododdin කියන 6වෙනි Century එකෙ Welsh Poem එකකින්. හැබැයි මේකෙ ආතර්ව Describe කරල නෑ…ඒකෙ Gwawrddur කියන Warrior කෙනෙක්ව Mention කරනවා…ඒකෙදි කියනව එයා කොච්චර දක්ෂ වුනත් ආතර් තරම් දක්ෂ නෑ කියලා
“…Gwawrddur was skilled at slaying his enemies. But was no Arthur”
ඉතින් ආතර් රජු ගැන තියෙන මුල්ම Mention එක ඕක තමයි. එයාව Mention වෙන්නෙ එකම එක තැනක වුනාට ඒ තියෙන විදිහට ආතර් කියන්නෙ ගොඩක් දක්ෂ Warrior කෙනෙක් කියල හිතන්න පුලුවන්. ඊට පස්සෙ Geoffrey of Monomouth කියන පූජකවරා පොතක් ලියනවා The History of The Kings of Britain කියලා. මේකෙදි මෙයා මිත්යාවන්, Celtic Poems, Local Legends වගේම ඉතිහාස කරුණු සේරම එකතු කරලා ආතර් රජුගෙ කතාව ලියනවා…මේ කතාවෙදි ආතර්ට මැජික් කඩුවක් තියෙනවා Celedfwlch කියලා…පස්සෙ තමා මේක Excalibur වෙලා තියෙන්නෙ. ඒ වගේම Camelot හදුන්වල තියෙන්නෙ Caerlon විදිහට. මෙයා තමා ආතර්ගෙ විශ්වාසවන්තම ගුරුවරයා වෙච්ච Merlin වත් හදුන්වල දුන්නෙ. ඊට පස්සෙ 1155දී Wace කියන පුද්ගලයා Geoffrey ගෙ පොත French වලට පරිවර්තනය කරල තියෙනව. එතනදි එයා King Arthur ගෙ Round Table එකත් මේ කතාවට එකතු කරල තියෙනවා. French Poet කෙනෙක් වෙච්ච Chretien de Troyes තමා ආතර්ගෙ කතාවට Romantic Elements එකතු කරල තියෙන්නෙ. ඒ ආතර්, ග්වෙනවියර් සහ ලාන්ස්ලොට් ගෙ Love Triangle එක එක්ක. ඒ වගේම මෙයා Holy Grail එකත් ආතර් ගෙ කතාව එක්ක සම්බන්ද කරල තියෙනව. ඒක ඉස්සරහට කියන්නම්. ඔය සේරටම පස්සෙ 15 වෙනි ශතවර්ෂයේදි Sir Thomas Malory ගෙ පොත වෙච්ච Le Morte d’Arthur කියන එක මේ සේරම දේවල් සම්බන්ද කරල එක කතාවක් හදල තියෙනවා…මේ කතාව තමා දැනට Arthurian Legend පාධක කරගෙන බිහි වෙච්ච සේරම Film, Series, Poems, Stories, Drama වල අත්තිවාරම වෙලා තියෙන්නෙ.

King Arthur ගැන කතන්දර ගොඩක් තියෙනවා…ඒකෙන් ප්රසිද්ධම කතාව තමා පහලින් දාලා තියෙන්නෙ 


Uther Pendragon කියන්නෙ Britain වල රජතුමා…මෙයා ආදරේ කරපු කෙනෙක් හිටියා Igraine කියලා. හැබැයි Igraine කසාද බැදල හිටියේ Gorlois of Cornwall කියන සිටුතුමාව. Merlin ගෙ උදව් ඇතුව Uther Gorlois ගෙ වෙස් අරගෙන Igraine එක්ක යහන් ගත වෙනවා…මේ නිසා Igraine ට ලමයෙක් හම්බෙනවා…ඉතින් මෙයා තමා Arthur. Gorlois Battle එකකින් නැති වුනාම Uther Igrain ව කසාද බදිනවා…Merlin ට තේරෙනවා Arthur ගෙ Destiny එක Camelot එක්ක එකට සම්බන්ද වෙලා තියෙන්නෙ කියලා…මේ නිසා Uther මියයන්න කලින් Merlin ආතර්ව Sir Ector කියන Nobleman ට දෙනවා එයාව හොරෙන් බලාගන්න. ඉතින් ආතර් එයාගෙ ඇත්ත අනන්යතාවය දන්නෙ නැතුව Sir Ector එක්කයි එයාගෙ පුතා වෙච්ච Kay එක්කයි ජීවත් වෙනවා.

Uther මියගියායින් පස්සෙ Throne එකට Successor කෙනෙක් නැති වෙනවා…මේ නිසා Britain වල ගැටුම් ඇති වෙනවා. මේක විසදන්න Merlin එක Test එකක් ඉදිරිපත් කරනවා. එයා ගලකට Excalibur කියන කඩුව ඇතුල් කරනවා. පස්සෙ ඒ ගලේ “Whose pulleth out this sword of this stone is the rightful king of England” කියලා Inscribe කරනවා. හැම නයිට්වරයෙක් වගේම මේ කඩුව අදින්න උත්සාහ කලත් ඒක කරන්න බැරි වෙනවා. මේ කාලෙදි Sir Ector ආතර්ව Tournament එකකට යවල තිබ්බෙ. ඉතින් ආතර්ටත් චාන්ස් එක හම්බෙනවා මේ කඩුව ඇදල බලන්න. පුරාවෘත්ත වල තියෙන විදිහට ආතර් Excalibur කඩුව මේ ගලෙන් ඇදල අරගෙන එංගලන්තයෙ රජු බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ කඩුව ඇද්ද පලියට ආතර්ට රජ වෙන්න බැරි වුනා. මෙයාට ගොඩක් අර විරුද්ධ වුනා. ආතර්ට රජ වෙන්න පුලුවන් වුනේ Merlin වගේම Sir Bedivere වගෙ Loyal Knights ලා ආතර්ට උදව් කරපු නිසා.

ඉතින් ආතර් Excalibur කඩුව අරන් රජ වුනයින් පස්සෙ එයා කැම්ලොට් රාජධානිය පිහිටුවනවා. එයා එයාගෙ රාජසභාවෙ හිටපු නිර්භීතම Knight වරුන්ව කැදවලා එයාලට Round Table එකෙ පුටුවක් දෙනවා…මේ Round Table එකෙ ඉදගන්නව කියන්නෙ Knight කෙනෙක්ට දෙන්න පුලුවන් උපරිම ගරුත්වය දුන්න කියන එකයි…මොකද Round Table එකෙ ඉදගන්න හැම කෙනෙක්ම සමාන වෙන නිසා…රජ කෙනෙක් වුනත් නයිට්වරයෙක් වුනත් මේ මේසෙදි ඒ හැම කෙනෙක්ම සමාන පුද්ගලයින්. ආතර්ගෙ හීනෙ වෙච්ච මුලු බ්රිතාන්යම එකතු කරල සාමෙ රකින හීනය එයාගෙ හැම නයිට් කෙනෙකුටම තිබුනා කියල තමයි කියන්නෙ. මේ නයිට්වරු අතරින් ගොඩක් ප්රසිද්ධම අය වෙන්නෙ,






Holy Grail කියන්නෙ ජේසු තුමා අන්තිම රාත්රී භෝජනයේදි වයින් බොන්න පාවිච්චි කරපු Cup එක. Joseph of Arimathea ජේසුව කුරුසෙ ඇණ ගහපු වෙලාවේ එයාගෙ රුධිරය මේ Cup එකට එකතු කලා කියලත් මිත්යාවක් තියෙනවා. Arthurian Legend වල එන මේ Holy Grail Quest එක Physically Challenge එකක් වගේම Spiritually Challenge එකකුත් වුනා කියලා පුරාවෘත්ත වල සදහන් වෙනවා. මේ Grail එක Divine Grace, Spiritual Purity වගේම Unattainable කියන දේවල් සංකේතවත් කරනව කියල විශ්වාස කරනවා. මේ Holy Grail Quest එක විශේෂ වෙනව එක කාරණාවකට…මුලින්ම කිව්වනේ ආතර්ගෙ Round Table එකෙ හිටියෙ Purest, Skilled වගේම Loyal ම නයිට්ලා කියලා…හැබැයි මේ Quest එකට ගිය හැම නයිට්වරයෙක්ටම ( Sir Galahad ඇරෙන්න ) මේ Grail එක Achieve කරගන්න බැරි වෙලා තියෙනවා. නයිට්ලා Spiritual Test එක Fail වීම ආතර්ගෙ Round Table එකෙ විනාශය Foreshadow කලා කියලා මතයක් තියෙනවා.

කැම්ලොට් රාජධානිය කඩා වැටීමට ප්රධාන හේතුවක් වුනේ මේ Love Triangle එක. ලාන්ස්ලොට් කියන්නෙ ආතර්ගෙ හොදම යාලුවෙක් වගේම එයාගෙ Loyal ම නයිට් කෙනෙක්. Guinevere කියන්නෙ ආතර්ගෙ රැජිණ වගේම එයා ආදරේ කරපු කෙනා. ඉතින් මේ දෙන්නගේ Secret Affair එක ගැන දැනගන්න Arthur ගොඩක් පසුතැවිලි වෙනව වගේම දුක් වෙනවා…මේක ප්රයෝජනයට අරන් Modred ( මෙයාව ආතර්ගෙ Illegitimate Son විදිහට තමා සලකන්නෙ. සමහර කතා වල මෙයා ආතර්ගෙ Nephew කියලත් තියෙනවා ) කැම්ලොට් වල සිවිල් යුද්දයක් පටන් ගන්නවා. මේ නිසා ආතර්ගෙ Round Table Knights ලත් බෙදෙන්න ගන්නවා. ආතර්ට එයාගෙ Knights ලගෙ තිබ්බෙ Loyalty එක නැති වෙන්න ගන්නවා.

ආතර් Gaul වල සටන් කරන වෙලාවෙ Modred කැම්ලොට් බලෙන් යටත් කරගෙන රජ වෙලා තියෙනවා. ආතර් ආයෙ Britain වලට ආවම මේ දෙගොල්ලො Camlann වලදි හම්බෙලා තියෙනවා. මේක තමා Arthurian Legend වල Final Battle එක විදිහට සලකන්නෙ. Arthur ගෙයි Modred ගෙයි ද්වන්ද සටනින් ආතර් ජයගත්තත් එයාට දරුණු විදිහට තුවාල වෙනවා…එයාට තවත් ජීවත් වෙන්න විදිහක් නෑ කියල දැනගන්න ආතර් Sir Bedivere ට කියනව Excalibur Sword එක Lady of The Lake ට දෙන්න කියලා. තුන් පාරක් උත්සාහ කරලා Sir Bedivere Excalibur කඩුව වතුරට විසි කලා කියල කියනවා. ඒක විසික් කරද්දි වතුරෙන් අතක් ඇවිල්ල කඩුව අල්ල ගත්ත කියලත් සදහන් වෙනවා…මේක King Arthur ගෙ Reign එක අවසානය Symbolize කලා කියලා තමා ගොඩ දෙනෙක්ගේ විශ්වාසය.

ආතර්ගෙ මරණයත් එක්කම කැම්ලොට් වල ස්වර්ණමය යුගය අවසාන වුනා කියල කියනවා…Round Table Knights ලගෙන් ජීවත් වෙලා ඉන්න Knights ලා අනිත් අයගෙන් වෙන් වෙලා තනියම ජීවත් වුනා කියල සදහන් වෙනවා…කරපු වැරදි වලට දුක් වෙච්ච Sir Lancelot තාපසයෙක් වුනා කියලත් Guinevere Nun කෙනෙක් වුනා කියලත් සදහන් වෙනවා…Holy Grail එක හොයාගත්ත Purest ම Knight වෙච්ච Sir Galahad ස්වර්ගයට එසවුනා කියලත් මිත්යාවක් තියෙනවා…මේ හැම දෙයක් එක්කම Camelot රාජ්ය පුරාවෘත්තයක් බවට පත් වෙලා තියෙනවා.

Arthur රජු මියගියා කියල හැමෝම හිතුවට Arthurian Legend වලට අනුව එයාගෙ Battle එකෙන් එයාට මාරාන්තික තුවාල වුනා විතරයි. Main Land එකෙදි මේ තුවාල වලට බෙහෙත් කරන්න විදිහක් නැති නිසා Sir Bedivere ආතර්ව Avalon දූපතට අරන් ගියා කියල තමයි කියන්නෙ. පුරාවෘත්ත වලට අනුව Avalon කියන්නෙ ලෝකයෙන් හැන්ගිච්ච Mysterious Island එකක්. කියන විදිහට මේ දූපතේ Time & Space වෙනස්ම විදිහට තමා වැඩ කරන්නෙ. මේ දූපත Fertility, Immortality, Regeneration, Beauty, Peace වගේම Afterlife කියන දේවල් Symbolize කරනව කියල විශ්වාස කරනවා. ඉතින් කියන විදිහට ආතර් මේ දූපතේ ඉදන් ගැඹුරු නින්දකට වැටිලා තියෙනවා. ඒ වගේම Lady of The Lake වගෙ Avalon වලට සම්බන්ද Magical Figures ආතර් රජුව බලාගන්න රාජකාරිය භාර අරන් තියෙනවා. ඒ එයාව ආරක්ශා කරන්නත් එයා ආයෙ එද්දි එයාව සූදානම් කරන්නත්. Arthurian Legend වල එන ප්රසිද්ධම Prophecy එක තමයි ආතර්ගෙ නැවත පැමිණීම. දැනට ආතර් ගැන තියෙන හැම පුරාවෘත්තයකම වගේ කියන්නෙ ආතර් ඇත්තටම මැරුණෙ නෑ එයා දීර්ඝ නින්දක ඉන්නවා කියලා විතරයි. මේ අනාවැකියට අනුව බ්රිතාන්යයේ අදුරුතම මොහොතේ ආතර් ආයෙ ඇවිල්ලා බ්රිතාන්යයට නායකත්වය දෙයි කියලා විශ්වාස කරනවා…ආතර්ගෙ ස්වර්ණමය යුගය ආයෙත් එයි කියලා සමහරු තාමත් විශ්වාස කරනවා.

Merlin කියන්නෙ Arthurian Legend වල ඉන්න ප්රධානම Character එකක්. මෙයා ගොඩක් Powerful Wizard කෙනෙක් විදිහට තමා සැලකෙන්නෙ. ආතර්ගෙ කතාව පටන් ගන්නෙ Excalibur එක ගලෙන් ගලවල ගන්න තැනින්. ඉතින් එතන Merlin ලොකු Role එකක් Play කරනව. මොකද ඒ මුලු Test එකම එයාගෙ Plan එකක් නිසා. Merlin ආතර්ගෙ Mentor විදිහට කටයුතු කරල තියෙනවා. එයා ආතර්ට යුක්තිය, සාධාරණත්වය, නායකත්වය වගෙ දේවල් ඉගැන්නුවා කියලා සදහන් වෙනවා. ඒ වගේම Round Table එකත් Originally Merlin ගෙ Idea එකක් විදිහට සලකනවා. කැම්ලොට් ආරම්භයේදි මර්ලින් හිටියට අන්තිම කාලෙදි එයාගෙ Influence එක ක්රමයෙන් අඩු වෙලා තියෙනවා…ඒ එයාගෙ ගුරුවරයා ( සමහර කතා වල ආදරවන්තිය ) වෙච්ච Lady of Lake ( මෙයාව Nimue එහෙමත් නැත්තන් Viviane විදිහට හදුන්වනවා ) මෙයාව Crystal Cave එකක හිර කරපු නිසා.

Lady of The Lake කියන්නෙ Arthurian Legend වල එන තවත් Main Character එකක්. සමහර පුරාවෘත්ත වලට අනුව ආතර්ට Excalibur කඩුව දෙන්නෙ මෙයා. මෙයාව ගොඩක් වෙලාවට Arthur සහ කැම්ලොට් වල Protector කෙනෙක් විදිහට තමා නිරූපණය කරල තියෙන්නෙ. මර්ලින් වගේම මෙයත් ආතර්ට උදව් කරල තියෙනවා. මෙයාට වතුර එක්ක බැදුනු Magical Powers තියෙනවා. ගගක්, ඇලක්, මුහුද වගෙ ඕනම වතුර පිරුණු තැනක් පාලනය කරන්න මෙයාට පුලුවන්. මෙයා ජීවත් වෙන්නෙ Underwater Realm එකෙ කියල විශ්වාස කරනව. ඒ වගේම මෙයා ගොඩබිමට එන්නෙ එයාගෙ Favor එක දිනාගත්ත අයට උදව් කරන්න විතරයි කියලත් පුරාවෘත්ත වල සදහන් වෙනවා. සමහර කතන්දර වල මෙයා Sir Lancelot ව පොඩි කාලෙ ඉදන් බලාගත්තා කියලත් කියනවා.
ඉතින් මන් හිතනවා මිත්යාවල එන ශ්රේෂ්ඨතම රජු වෙච්ච ආතර් රජු ගැන පොඩි හරි වැටහීමක් දැන් ඇති කියලා
කලින් කිව්ව වගේ ආතර් කියන්නෙ සම්පූර්ණ Fictional Character එකක් වෙන්නත් පුලුවන් නැත්තන් ඇත්තටම හිටපු කෙනෙක් වෙන්නත් පුලුවන්. ආතර්ගෙ කාලය ගැන කොහෙවත් සදහනක් නැති නිසා තමයි එයා ඇත්ත කෙනෙක් කියල ගොඩ දෙනෙක් විශ්වාස කරන්නැත්තේ…හැබැයි එයා ගැන සදහනක් නෑයි කියලා ඇත්තටම එහෙම කෙනෙක් හිටියෙ නෑ කියන්නත් බෑ…Arthurian Legend වල ගොඩක් Magical Elements තිබ්බට ඒ කාලෙ හිටපු කවියොයි රචකයොයි ඕව Exaggerate කරල ලිව්ව කියල හිතන්න පුලුවන්. උදාහරණයක් විදිහට Lady of The Lake එහෙමත් නැත්තන් Vivian කියන්නෙ සාමාන්ය මනුස්සයෙක් කියල කියනවා…මෙයාගෙ ලස්සන නිසාම මෙයාව Fairy කෙනෙක් වගෙ දැක්ක කියලත් එයාගෙ ගෙදර තියෙන්නෙ Lake එකක් ලග නිසා එයා ඒ Lake එකෙ ඉන්න Fairy කෙනෙක් කියලත් තමා කතාව හැදිල තියෙන්නේ. Ancient Britons ලගෙ Tradition එකක් තිබිල තියෙනවා එයාලගෙ ආයුධයක් Lord of The Land ට උපහාරයක් විදියට Lake එකකට විසික් කරන්න. Vivian Magical Fairy කෙනෙක් කියල හිතපු නිසා ගොඩක් අය එයාලගෙ Weapons මේ Lake එකට විසික් කරල තියෙනව එයාගෙ Blessings බලාපොරොත්තුවෙන්. ආතර්ගෙ Excalibur කඩුව විවියන් ඒ විසි කරපු Weapons වලින් ගත්ත එකක් වෙන්න පුලුවන් කියල විශ්වාස කරනවා. Excalibur කියන්නෙ ඒ කාලේ කඩු වලට කිව්ව් Common Name එකක් කියල Wales University එකෙ Researcher කෙනෙක් වෙන Rachel Browmich කියල තියෙනවා 


Anyway…කතාව ඇත්තක් වුනත් බොරුවක් වුනත් මේ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා…Leadership, Justice, Betrayal, Redemption වගේම Honor, Chivalry, Danger of Pride වගෙ දේවල් මේ කතාවෙන් Symbolise වෙනවා.
